Press "Enter" to skip to content

අසේල ගුණවර්ධන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉවතට?

පන මදි ලොක්කෝ රැසකට තනතුරු අහිමි වෙයි

සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනකුගේ තනතුරු වෙනස්කම් සිදු කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී තිබේ. කොවිඩ් මර්දන කටයුතු සඳහා ඉහළ නිලධාරීන්ගෙන් සක්‍රිය දායකත්වයක් නොලැබීම මීට හේතුව බව ආණ්ඩුවේ ආරංචිමාර්ග සනාථ කළේය.

විශේෂයෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගෙන් ලැබෙන දායකත්වය ප්‍රමාණවත් නොවන බව වාර්තා වී ඇති බැවින් තනතුරු සංශෝධනය කඩිනම් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇත.

COVID-19 spread not in community stage : Dr. Asela

මේ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද කොවිඩ් කාර්ය සාධක බළකා රැස්වීම්වලදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට කරුණු පැහැදිලි කර තිබේ.

වෛද්‍ය අසේල ගුණවර්ධනට වෙනත් තනතුරක් ලබාදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධුරයට විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා පත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබේ.

When you shine, you get kicked out' - The Morning - Sri Lanka News

ඔහු මේ වනවිට සීඝ්‍රගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි. මෙම තනතුරට පත් කිරීමට පෙර කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා II) ‍ලෙසද කටයුතු කර තිබේ.

මෙම තනතුරු සංශෝධනයට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමටද ආණ්ඩුව තීරණය කර ඇත.

මේ අතර කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රධාන පෙළේ රෝහල් දෙකක අධ්‍යක්ෂවරුන් මාරු කිරීමටද සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ.

උදයජීව ඒකනායක

More from GossipMore posts in Gossip »