Press "Enter" to skip to content

පී.සී.ආර්. පෝලිමේ සිටි කතක් මරණයට පත්වී ඇදවැටෙයි

බේරුවල, අරියවංශ ජාතික පාසලේදී පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන අතරතුර එහි සිටි කාන්තාවක් එක්වරම මරණයට පත්වී ඇදවැටී තිබේ.

වයස අවුරුදු 65 පමණ වන මෙම කාන්තාව පී.සී.ආර්. පරීක්ෂණක් සිදුකරගැනීම සඳහා අදාළ මධ්‍යස්ථානයේ පෝළිමේ රැඳී සිටින අවස්ථාවේදී මෙලෙස මරණයට පත්වී ඇත. බේරුවල ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇයගේ මෘතදේහයේ පසුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ ඇයට කොවිඞ් ආසාදනය වී තිබෙන බවයි.

බේරුවල – චමින්ද ප‍්‍රසාද්

More from GossipMore posts in Gossip »