Press "Enter" to skip to content

කොරෝනා රෝගියා රෝහලෙන් පැන එළවලූ විකුණලා

යාපනයේ චාවාකච්චේරී රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 25 ක කොරෝනා රෝගියෙකු රෝහලෙන් පලා ගොස් 17 දා චාවාකච්චේරී මහජන පොලේ එළවලුද විකුණා තිබේ.

කොරෝනා රෝගියා රෝහලෙන් පැනගිය බවට වෛද්‍යවරුන් කළ පැමිණිල්ලකට අනුව චාවාකච්චේරී රෝහල් පොලීසිය හා පොලීසිය ඔහුව අත් අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කළ අවස්ථාවේදී ඔහු එලවලු විකිණීම අතහැර යළි පලා ගොස් ඇත.

පලාගිය සැකකරුව අත් අඩංගුවට ගැනිමට මෙතෙක් හැකි වී නොමැති අතර චාවාකච්චේරී පොලීසිය ඔහුව අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ.

More from GossipMore posts in Gossip »