සතියක කාලයක් හලාවත නගරය වසා දැමීමට හලාවත නගර සභාව තීරණය කළ බව හලාවත නගර සභාවේ සභාපති තුෂාන් අබේසේකර මහතා පැවසිය.
හලාවත නගර සභාව මේ තීරණය ගෙන ඇත්තේ, අද පෙරවරුවේ හලාවත නගර සභාවේ පැවති විශේෂ සභා රැස්විමකදීය.
මේ සඳහා පක්ෂ, විපක්ෂව අදහස් පළ වී ඇති අතර පසුව ඒකමතිකව යෝජනාව සම්මත වී තිබේ.
මේ වන විට හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ කොරෝනා ආසාදිතයින් හා ආශ්‍රිතයින් 700කට ආසන්න සංඛ්‍යාවක් සිටින බව සෞඛ්‍ය අංශ නගර සභාවට දැනුම් දී ඇති බව ද හලාවත නගර සභාවේ සභාපතිවරයා පැවසීය.
මේ තීරණය අනුව මේ මස 22 වන දින සිට සතියක කාලයක් හලාවත නගරය වසා දැමෙන අතර ඒ අනුව සියලු වෙළෙඳ සල්, ගමනාගමන කටයුතු , ප්‍රධාන එළවළු හා මාළු වෙළෙඳ පොළ වසා දැමේ.
මෙම තීරණයට හලාවත වෙළෙඳ සංගමය හා හලාවත ත්‍රිරෝද රථ සංගමය ද එකඟත්වය පළ කර තිබේ.
mawbima.lk






