Press "Enter" to skip to content

ගිහින් එන්නම්..ආයේ එන්න බැරිවෙයි – කොවිඩ් ආසාදිත කාන්තාවගේ සංවේදී ප්‍රකාශය

කොවිඩ් ආසාදිතව ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් සිටින කාන්තාවක් සිදුකළ සංවේදී ප්‍රකාශයක් මේ වනවිට සමාජ මාධ්‍යවල සංසරණයවෙමින් පවතී.

එහිදී ඇය සඳහන් කරන්නේ තම ජීවිතය අවසන් අදියරේ ඇති බව තමාට හැඟෙන බවත් තවදුරටත් හුස්ම අල්ලාගෙන සිටීමට තමාට නොහැකි බවත්ය.

“මම කොරෝනාවලින් අවසානම අදියරේ. මගේ ඇඟේ ඔක්සිජන් අඩුවෙලා. මගේ පෙනහළු කළුම කළු පාටයි. ඒ කියන්නේ මම ඉන්නේ වෛද්‍යවරුන්ට බේරගන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි. ජීවිතය එහෙම තමයි. තාම විඳවනවා. මට තවත් දරාගෙන ඉන්න බැහැ. මේ දවස් කිහිපයේත් හුස්ම අල්ලගෙන හිටියේ හරි අමාරුවෙන්. වීදුරු ජනේලයෙන් ගෙදර මිනිස්සු එබිලා බලන් ඉද්දි ඒ මිනිස්සුන්ට පේන්න මම හුස්ම අල්ලගෙන හිටියා. තවත් බැහැ. දැන් යන්න ඕනේ. කියන්න දේවල් ගොඩක් තියෙනවා. මම ගිහින් එන්නම්… මට ආයේ එන්න බැරිවෙයි.”

More from GossipMore posts in Gossip »