Press "Enter" to skip to content

කොළඹ ප්‍රධාන පාසලක සිසුවෙක් කොවිඩ් මාරයාට බිලි වෙයි

කොළඹ, ඉසිපතන විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සස්මිත දිල්තුෂාන් නමැති පාසල් සිසුවා කොරෝනාවෛරසය අසාදනය වීමෙන් ඊයේ (අගෝස්තු 15) දා මියගොස් ඇති බව කළුබෝවිල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

එම පාසල් සිසුවාට පසුගිය අගෝස්තු 10 වන දා කොරෝනා අසාදනය වී නිවසේ නිරෝධායනය වෙමින් සිට ඇත.

අගෝස්තු 14 වන දින රෝගී තත්ත්වය වර්ධනය වීම හේතුවෙන් ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

කොළඹ 05 ප්‍රදේශයේ පදිංචි ඔහු, මව, පියා සහ සහෝදරයෙකු සිටින පවුලේ වැඩිමහල් දරුවාය.