කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් ගැබිනි කාන්තාවන් 20 දෙනෙකු මේ වනවිට මියගොස් ඇති බව කාසල්වීදිය කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා පවසයි.
ඔවුන් සියලු දෙනාම මරණයට පත්වී ඇත්තේ කොවිඩ් 3වන රැල්ලෙනි.
විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා වැඩිදුරටත් සඳහන් කළේ එලෙස මියගොස් ඇති සියලු ගැබිනි කාන්තාවන් කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන නොමැති බවය.






