Press "Enter" to skip to content

”ආණ්ඩුව අපිව ආරක්ෂා කරන්නේ නැහැ: සංචරණ සීමා අපි ම පනවා ගනිමු”

පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් තීරණය එය පාලනය කිරීම සඳහා පිටිවහලක් හෝ රුකුලක් නොවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවධාරණය කළේ, වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා කළ යුත්තේ මොනවා ද යන්න පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලිව පෙන්වා දී ඇති බවය.

ඒ හේතුවෙන් හෙට (අගෝස්තු 16) සිට ස්වයං සංචරණ සීමා පනවා ගෙන වසංගතය පාලනය කිරීම සඳහා උදව්වන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ඔහු පැවසීය.

“අපිට පේන්න තියෙනවා ඊයේ ගත්ත ක්‍රියාමාර්ග කිසිදු විදියකින් රටේ දැනට පවතින වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා පිටිවහලක් හෝ රුකුලක් ලබා දෙන්නේ නෑ කියලා.

ලෝක සෞඛ්‍ය සංවිධානය බොහෝ ම පැහැදිලිව කියලා තිබුණා සංචරණ සීමා ගත යුත්තේ මොනවා ද අප කළ යුත්තේ කුමක් ද කියලා.

ආණ්ඩුවේ සහ සෞඛ්‍ය බලධාරීන් ඇතුළු සියලු දෙනාට අපි ආරාධනා කරනවා කේක් කාලා වායු සමීකරණය කරපු කාමර ඇතුළේ ඉඳන් තීරණ ගන්නේ නැතුව බිමට ඇවිල්ල, මේ විසාලා මහ නුවර පය තියලා ඇවිදින්න. මිනිස්සු විඳින දුක බලන්න.

අපි මේ සති අන්තයේ වගකීමෙන් හැසිරිලා නිවෙස්වලට අවශ්‍ය බඩු බාහිරාදිය රැස් කරගෙන අපි ලබන සඳුදා දිනයේ ඉඳලා සියලු දෙනා එකතු වෙලා ස්වයං සංචරණ සීමා පාලනයක් මේ රටේ ඇති කරමු. වැටිලා ඉන්න දුකෙන් ගොඩ එන්න අපි ම කටයුතු කරමු ස්වේච්ඡාවෙන් කියලා, මම ඉල්ලා සිටිනවා සියලු ම දෙනාගෙන්.”