“අම්මලා එන සද්දේ ඇහෙනකොටම
මිනිහා පැනලා දිව්වා…”
කිරුළපන සිද්ධාර්ථ මාවතේ තෙමහල් නිවාසයක වාසය කළ 19 හැවිරිදි තරුණියකට අතවර කළ බව කියන 36 හැවිරිදි අවිවාහකයකු අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය සඳහන් කරනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරුළපන සිද්ධාර්ථ මාවතේ පදිංචි, පිටකොටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු බවයි පොලිසිය සඳහන් කරන්නේ.
සැකකරුගේ නිවසට යාබදව පිහිටි තෙමහල් නිවසක තෙවන මහලේ පදිංචිව සිටි මෙම තරුණිය පෞද්ගලික පාසලක ගුරුවරියක ලෙස සේවය කර තිබෙනවා.
සිද්ධිය වූ දිනයේ, ඇයගේ මව හා සොහොයුරා අවමඟුල් නිවසකට ගොස් නැවත නිවසට පැමිණීමට නියමිතව තිබූ නිසා දොර වසා අඟුළු නොදමා තිබී ඇති අතර එම අවස්ථාවේ සැකකරු නිවසට ඇතුළුවී තරුණිය නිදා සිටි කාමරයට ගොස් මෙලෙස අතවර කර ඇති බව සඳහන්.
තරුණිය නින්දෙන් අවදි වී කෑගසා ඇතිමුත් සැකකරු තියුණු ආයුධයක් පෙන්වා ඇයව බියගන්වා අපයෝජන කර ඇති බවට තොරතුරු හෙළි කරගෙන තිබෙනවා.
තරුණියගේ දෙමාපියන් පැමිණි හඬ ඇසෙද්දී සැකකරු නිවෙසින් පලාගොස් ඇති අතර ඔහුගේ ජංගම දුරකථනය පියාගැටපෙළෙහි වැටී තිබියදී සොයාගෙන ඇති බව වාර්තා වනවා.
පොලිස් භාරයට ගත් ජංගම දුරකථනය පරීක්ෂාවට ලක් කිරීමේදී එහි අසභ්‍ය දර්ශන සියයකට ආසන්න ප්‍රමාණයක් හමු වූ බව කිරුළපන පොලිසිය පැවසුවා.
අතවරයට ලක් වූ තරුණිය කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු අලූත්කඬේ අංක 3 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.






