හොරණ සිට පානදුර දක්වා ධාවනය වෙමින් පැවති බස් රථයක ගමන් ගනිමින් සිටි කාන්තාවක අසුන්ගෙන සිටියදී ම මියගොස් ඇතැයි පානදුර දකුණු පොලිසිය කියයි.
පානදුර පොලිසිය පැවසුවේ, අද පස්වරු 5.40ට පමණ අදාළ කාන්තාවගේ මළ සිරුර පානදුර රෝහලට භාර දුන් බවය.
එම කාන්තාව පානදුර, අළුබෝමුල්ල, ජනප්රිය මාවතේ පදිංචිකාරියක බවට ද පොලිසිය හඳුනාගෙන තිබේ.
අසුනට හේත්තු වී නිදාගෙන සිටි කාන්තාව ගැන සැක සිතී බස් රථයේ සහයකයා ඒ පිළිබඳව සොයා බැලීමේදී ඇයගේ මුව විවර වී තිබෙනු දැක බස් රථය පානදුර රෝහල කරා රැගෙන විත් තිබූ බව රෝහල් ප්රකාශකයෙක් පැවසීය.
වයස අවු 60 ත් 65 ත් පමණ සිතිය හැකි එම කාන්තාව කොරෝනාවෛරස් අසාදිතයෙකු ද යන්න දැන ගැනීම සඳහා පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බව ද පානදුර පොලිසිය සඳහන් කළේය.







