දිවයිනේ දිස්ත්‍රික්ක එකොළහක නගර 26කින් ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ තවත් රෝගීන් 54 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති.
මේ අතර කොළඹින් හමු වන කොවිඩ් රෝගීන්ගෙන් සියයට 75ක් පමණ ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූවන් බව පෙනී යන්නේ යැයි සැර කොරෝනා වයිරස ප්‍රභේද සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ , වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය
.
මේ අනුව අලුතින් සොයා ගැනුණු රෝගීන් පනස් හතර දෙනා සමග මේ දක්වා සොයා ගෙන ඇති ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ රෝගීන් සංඛ්‍යාව 124ක් දක්වා ඉහළ යනු ඇත.
ඩෙල්ටා රෝගීන් 68 දෙනකු මෙයට පෙර සොයා ගෙන තිබිණ.
මේ අනුව මෙම රෝගීන් 54 දෙනා හමුවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නාගරිකප්‍රදේශය ,දෙහිවල,බොරලැස්ගමුව ,අංගොඩ ,කැස්බෑව ,කොලොන්නාව ,නුගේගොඩ ,මහරගම,කහතුඩුව කලුතර දිස්ත්‍රික්කයේ පානදුර , කළුතර සහ අහුන්ගල්ල ,ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත බියගම සහ රාගම ,ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල සහ කරාපිටිය ,මාතර දිස්ත්‍රික්කයේ මාතර ,රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ,වවුනියාව දිස්ත්‍රික්කයේ වව්නියාව ,යාපනය දිස්ත්‍රික්කයේ පේදුරුතුඩුව,කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල ,මහනුවර දිස්ත්‍රික්කයේ නුවර යනාදි ප්‍රදේශවලිනි.
එම රෝගීන්ගෙන් වැඩි පිරිසක් හමුවී ඇත්තේ බස්නාහිර පළාතෙනි.
මේ අතර මේ සම්බන්ධයෙන් අප නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙය අහඹු ලෙස ලබාගත් සාම්පලවලින් තහවුරුවූ රෝගීන් ප්‍රමාණයක් පමණක් බවයි.
මෙයට වඩා දහස් ගණනින් ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ රෝගීන් සමාජයේ සිටිය හැකි බවද හෙතෙම සඳහන් කළේය.
Published in Health