Press "Enter" to skip to content

රෝහල් කාර්ය මණ්ඩල අද උදෑසන සේවයෙන් ඉවත් වෙයි

ගැබිනි නිලධාරිනියන් සේවයට කැඳවීමට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් හයක් මුල් කරගෙන දිවයින පුරා රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අද (05) පෙරවරුවේ සේවාවලින් ඉවත් වී රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ ක්‍රියාත්මක කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පැවසීය.

මේ සඳහා සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති හතළිස් හතරක (44) සමාජිකයන් සහභාගි වන බව හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව උදෑසන හතේ සිට (7) දොළහ (12) කාලය තුළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල තම සියලු සේවාවලින් ඉවත් වීමට නියමිතය. අනතුරුව 12 සිට 1 දක්වා උද්ඝෝෂණයක නිරත වන බව ඔහු පැවසීය.

More from GossipMore posts in Gossip »