Press "Enter" to skip to content

“සෑම පැයකටම කොවිඩ් ආසාදිතයන් තිදෙනෙක් මියයනවා ” කෙටි කාලයකට යළි සංචරණ සීමා දැමිය යුතුයි


කොවිඩ් වෛසරය සහ එන්නත්කරණය අතර තරගයෙන් අප ජය ගැනීමට නම් ඉතා කෙටි කාලයකට සංචරණ සීමා යෙදවීම එකම විසදුම බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

එහි උප සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පැවසුවේ සෑම පැයකටම කොවිඩ් මරණ තුනක් පමණ මෙරටින් වාර්තා වන බවයි.

ඊයේ (04) දිනයේ වාර්තා වූ කොවිඩ් මරණ 82ත් සමග ‌ඩෙල් ප්‍රභේදයේ බලපෑම පැහැදිලිව දකින්නට හැකි බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.

‌ඩෙල්ටා ප්‍රභේදයේ ඉතා සීඝ්‍ර ව්‍යාප්තියත් සමග ශ්‍රී ලංකාව තුළ 4වැනි රැල්ලක් මේ වන විට ආරම්භ වී ඇති බවක් දක්නට ඇති බව විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පැවසීය.

වෛද්‍යවරයා පෙන්වා දුන්නේ කොළඹ ජාතික රෝහල තුළ මේ වන විට කොවිඩ් ආසාදිතයින් පිරී ඉතිරී යන තත්ත්වයක් පවතින බවයි.

මේ වන විට 600කට අධික සංඛ්‍යාවක් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව වෛද්‍යවරයා සදහන් කරයි.

රෝහලේ ඇදන් පිරී ඇති බැවින් ආසාදිතයින් බිම තබා ප්‍රතිකාර ලබන තත්ත්වයකට පැමිණ ඇති බව ඔහු පැවසීය.