Press "Enter" to skip to content

කොවිඩ් ආසාදිතයෙක් මහ මග වැටී මියයයි

රාගම ප්‍රදේශයේ නගර මධ්‍යයේ මහ මග මැරි වැටි සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඉකුත් 31 දින සොයා ගැනිමට හැකිවු බව රාගම පොලිසිය පවසයි.මෙසේ මිය ගොස් ඇත්තේ රාගම බටුවත්ත සුබසිංහ මාවතේ පදිංචි 62 හැවිරිදි දෙදරු පියෙකු බවට හදුනා ගෙන ඇති බව රාගම පොලිසිය පවසයි.

කැස්ස සහ සුලු පපුවේ අමාරුවක් නිසා රාගම පෞද්ගලික රෝහලක රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයකට මුහුණ දි ඇති මරණකරු එම පරික්ෂණයේදි කෝවිඩි පොසිටිව් පුද්ගලයෙකු බව තහවුරු වි ඇති බවත් ඒ පිළිබදව ලැබි ඇති වෛද්‍ය වාර්තාවත් අතතිව ඔහු එම රෝහලට මිටර් 20 ක දුර ප්‍රමාණයක මෙසේ මහ මග ඇද වැටි මියගොස් ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ වැඩි දුර පරික්ෂණ කටයුතු වලදි අනාවරණය වි ඇති බව පොලිසිය පවසයි.

මිය ගොස් ඇති අය කොරෝනා මර්දන පළමු එන්නත ලබා ගෙන දෙවනි මාත්‍රාව ලබා ගැනිමට බලා පොරොත්තු වෙන් සිටි අයෙකු බවද මෙහිදි අනාවරණය වි ඇත.

අදාල මෘත ශරීරය රාගම ශික්ෂණ මහ රෝහලට ගෙන ගොස් එහිදි සිදුකරණ ලද පී.සී.ආර් පර්ක්ෂණයකදි මිය ගොස් සිටි පුද්ගලයා කොරෝනා වෛරස ආසාදිතයෙකු බවට තහවුරු වුන බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු සිදු කළ රාගම පොලීසිය පවසයි.

මිය ගොස් ඇති පුද්ගලයාගේ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු අවසන් විමෙන් පසු ආදාහන කටයුතු සිදු කිරිමට නියමිතය.

ජාඇල තිස්ස කොටින්කඩුව

More from GossipMore posts in Gossip »