Press "Enter" to skip to content

වට්ස් ඇප් හරහා පෙම්වතියගේ නිරුවත් ඡායාරූප ගත් පෙම්වතා ලක්ෂ 17ක කප්පම්ක් ඉල්ලයි

වට්ස් ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ වසර 2කට පමණ ආසන්න කාලයක් එංගලන්තයේ පදිංචි බව කියන පුද්ගයෙගු සමග සබඳතාවක් ගොඩ නගාගත් අවුරුදු 33ක් වන කාන්තාවකගෙන් ලක්ෂ 17ක කප්පම් මුදලක් ඉල්ලූ සිද්ධියක් පිළිබදව තොරතුරු වාර්තා වී තිබේ.

මෙම කාන්තාව එංගලන්තයේ සිටි පුද්ගලයා සමග කතා කරන අවස්ථාවේදී විවිධ අසභ්‍ය ඡායාරූප එම පුද්ගලයා විසින් සමාජ මාධ්‍ය හරහා ලබාගෙන ඇති අතර කාන්තාවද ඒ සඳහා විරෝධයක් පළකර නොමැත.

පසුව එම ඡායාරූප සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ කරන බව සඳහන් කරමින් එම කාන්තාවගෙන් ලක්ෂ 17ක මුදලක් ඉල්ලා ඇති අතර එයින් ලක්ෂ 7ක මුදලක් ලබාදීමට කාන්තාව එකඟ වී තිබේ.

එම ලක්ෂ 7ක මුදල ලබාගැනීමට පැමිණි ශ්‍රී ලංකාවේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එංගලන්තයේ සිටින බව කියන පුද්ගලයා පිළිබඳවද පරීක්ෂණ පවත්වන බව පොලීසිය පවසයි.

More from GossipMore posts in Gossip »