Press "Enter" to skip to content

ඇල්පිටිය බස් නැවතුමේදි මගියකු ඇද වැටි මිය යයි

ඇල්පිටිය බස්නැවතුම්පොළේ රැදීසිටි පුද්ගලයකු අද හිටිහැටියේ ඇද වැටී මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

ඇත්කදුර දිවිතුර ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන මේ පුද්ගලයා ඇල්පිටිය රෝහලට පැමිණ ආපසු නිවෙස බලා යාමට බස්නැවතුම්පොළේ රැදී සිටියදී මෙසේ මියගොස් ඇතැයි ද පොලිසිය කියයි.

ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කරන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.