“තාත්තාගේ මේ කරදර නිසා මම ගෙදර ඉන්න කැමති වුණේ නෑ.”
“නංගිට කරදර කරන්න ඇත්තේ
මම නැති දවස්වල වෙන්නැති..”
ඇල්ල පොලිස් වසමේ සවුදම් වත්තේ පදිංචි 35 හැවිරිදි ශාන්තිනි සිව්දරු මවක්. වැඩිමල් දියණියගේ වයස අවුරුදු 14ක් වූ අතර දෙවැන්නිය 12 වන වියේ පසුවනවා.
තවත් දියණියක් සිටි අතර ඇය 8 හැවිරිදි වියේ පසුවුණා. බාලම දරුවා පුතෙකු වූ අතර ඔහුගේ වයස අවුරුදු පහක්.
ශාන්තිනි කවදත් සිය දරු පවුල වෙනුවෙන් බෙහෙවින් වෙහෙස මහන්සි වුණා. දියණියන් තිදෙනෙකු සිටින බැවින් කෙදිනක හෝ ඔවුන් විවාහ කර දීමේදී දැවැදී අවශ්‍ය වන නිසා ඇය ජීවිතේ බොහෝ දේ ඒ වෙනුවෙන් කැප කළා.
ඇය තේවත්තේ කර්මාන්ත ශාලාවේ සේවය කළ බැවින් රැයක් දවාලක් නැතිව වැඩ පළ කළේ ඒ නිසයි.
ඇගේ සැමියාගේ වයස අවුරුදු තිස් හයක් වුණා. ඔහුගේ ජීවිකාව වූයේ කූලී වැඩ කිරීමයි.
තේ වතුවල ජීවිත හරිම අමුතුයි. දවස පුරා වෙහෙස මහන්සි වී වැඩ කොට ලැබෙන වැටුපෙන් කොටසක් මොවුන් වියදම් කරන්නෙ මත් වතුරටයි. මෙලෙස කල් ගත වෙද්දි වැඩිමල් දියණියන් දෙදෙනාම උදරයාබාධ වලින් පෙළෙන්නට වුණා. නොයෙක් අත්බෙහෙත් කර බැලුවත් සුවයක් ලැබුනේම නැහැ. අනතුරුව මව මේ දෙදනොව එක්කන් යන්නෙ දොස්තරවරයෙකු ළඟටයි.
දැරියන් දෙදෙනා දෙවරකට පරීක්ෂා කළ වෛද්‍යවරයාගේ දෑස් උඩයන බවක් ශාන්තිනි දුටුවා. එහෙත් ඇයට දවල් තරු පෙණුනේ දෙදෙනාගේ රෝගී තත්ත්වය ගැන වෛද්‍යවරයා කී කතාව ඇසීමෙන් අනතුරුවයි.
“මේ ළමයි දෙන්නටම දරුවො ලැබෙන්න ඉන්නවා..”
මේ කතාවෙන් ඇය බෙහෙවින් කලබලයට පත්වුණා. වැඩිමල් දියණියගේ වයස අවුරුදු 14ක්. ඇය නම් වැඩිවියට පත්ව සිටියත් 12 හැවිරිදි දියණිය තවමත් පසුවන්නේ සෙල්ලම් වයසේයි. මේ දෙදෙනාම ගැබිණියන් කළේ කවුද?
මේ පැනයට පිළිතුරු සොයන්නට එතරම් වෙහෙසක් ගැනීමට සිදු වුයේ නැහැ. තමන් දරුවන් ලැබෙන තත්ත්වයක් ඇති වන සිද්ධියකට මුහුණ පෑ බව ඔවුන් පැවසුවේ පියා තමන්ට අතවර කළ බවයි.
වහා ක්‍රියාත්මක වූ රෝහල් බලධාරින් මේ ගැන පොලිසියට දැනුම් දුන්නා. පරීක්ෂණ ආරම්භ වන්නෙ ඉන් අනතුරුවයි.
ඒ වන විට දැරියන්ගේ පියා පේරාදේණිය පැත්තේ කුලී වැඩවල නිරතවයි සිටියේ. ඔහු සොයා ගැනීමට මෙහෙයුමක් දියත් කළ අතර සිද්ධ වූ සියල්ලම දැරියන් දෙදෙනා පොලිස් නිලධාරින් ඉදිරියේ පැවසුවා.
“අම්මා රෑ වැඩට ගියපු දවසක මම තාත්තා ළඟ නිදාගත්තේ. රෑ එකපාරටම තාත්තා මාව……………..”
සිය පියා තමන්ට කළ දේ ඇය එසේ හෙළි කළා.
“තාත්තාගේ මේ කරදර නිසා මම ගෙදර ඉන්න කැමති වුණේ නෑ. ඒ නිසා මම ආච්චිලා ගෙදර ගිහින් නැවතුණා. නංගිට කරදර කරන්න ඇත්තේ මම නැති දවස්වල වෙන්නැති..”
දෙවන දියණිය ද එවැනිම කතාවක් පැවසුවා. මව රාත්‍රී රාජකාරි ගිය පසු අක්කාත් නිවසේ නැති නිසා ඇය පියා අසල නිදන්නට ගොස් ඇත්තේ පුරුද්දටයි.
ඇය දෙවතාවක්ම පියාට ගොදුරු වී තිබුණා.
දැවැදි සමඟ දීග දෙන්නට සිතා සිටි ශාන්තිනිගේ දියණියන් දෙදෙනාටම මොහු මව් පදවිය දෙන්නට කටයුතු කර ඇත. ලැබෙන්නට ඉන්න දරුවන් දෙදෙනාගේ පියාත් මොහුයි.. සීයාත් මොහුයි…
තක්ෂිලා ජයසේකර විසින් “මාංචු” පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි..






