මේ දිනවල හමුවන කොරෝනා ආසාදිතයන් අතරින් වැඩි දෙනකු රෝග ලක්‍ෂණ පෙන්නුම් කරමින් සිටින අතර එයිනුත් වැඩි පිරිසකට ඔක්සිජන් ලබා දීමට සිදුවී තිබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛi හේමන්ත හේරත් මහතා පැවසීය.
එම තත්ත්වය තුළ දෛනික ඔක්සිජන් අවශ්‍යතාව වෙනදාට වඩා ඉහළ යමින් තිබෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
මේ තත්තවය හේතුවෙන් ආසාදිතයන් සදහා සැලසුම් කර තිබූ රෝහල් බොහෝ දුරට අවසන් වී තිබෙන බවද ඒ මහතා ස
දහන් කළේය.
මේ වන විට කොළඹ ප‍්‍රදේශයෙන් ලබා ගන්නා සාම්පල මගින් සියයට 20-30 අතර ප‍්‍රමාණයක් ඉන්දීය ඩෙල්ටා වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූවන් බවට තහවුරු වන බවද කී හේමන්ත හේරත් මහතා අනිවාර්යයෙන්ම රට පුරා ඩෙල්ටා ප‍්‍රභේදයේ අවදානම පවතින බවද කීය.
Published in Health
More from HealthMore posts in Health »