Press "Enter" to skip to content

දිග කලිසමක් ඇන්දැයි කියා 17 හැවිරිදි තරුණියක අමානුෂික ලෙස පහර දී ඝාතනය කරලා

දිග කලිසම් ඇඳීම හේතුවෙන් 17 හැවිරිදි තරුණියක අමානුෂික ලෙස පහර දී ඝාතනය කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.

පසුගිය සතියේදී මෙම කනගාටුදායක සිද්ධියට මුහුණ පා ඇත්තේ, නේහා පස්වාන් නමැති උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පදිංචි 17 හැවිරිදි තරුණියකි.

ඇයගේ මව වන සකුන්තලා දේවී පස්වාන් බීබීසී හින්දි සේවයට පවසා ඇත්තේ, තරුණියගේ මුත්තණුවන් සහ ඥාතීන් පිරිසක් විසින් දරුණු ලෙස පහර දෙනු ලැබූ බවය.

ඇය ඇඳ සිටි දිග කලිසම සම්බන්ධයෙන් ඥාතීන්ගේ විරෝධය පළ වී ඇති අතර එහිදී ඇති වූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් මෙම මරණය සිදුවී තිබේ.

දැරියගේ මව ප්‍රකාශ කර ඇත්තේ, පහරදීමෙන් පසුව දැරිය සිහිසුන් වූ බවත් පසුව දැරිය රෝහල්ගත කර ඇති බවත් ය.

කෙසේ වෙතත්, දැරියගේ මවට රෝහල වෙත යාමට අදාළ පුද්ගලයින් ඉඩදී නොමැති අතර පසුව ඇය දැරිය සමග රෝහලට ගිය ඥාතීන්ට තම දියණිය පිළිබඳව සොයා බලන ලෙස දැනුම් දී තිබේ.

නමුත් අදාළ දැරිය රෝහලේ සිටින බවට එම ඥාතීන්ට සොයා ගැනීමට හැකිවී නැතැයි දැරියගේ මව ප්‍රකාශ කර ඇත.

ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, පසු දා උදෑසන ඔවුන් පදිංචිව සිටින ප්‍රදේශය හරහා ගලා බසින ගන්දක් ගඟට ඉහළින් ඇති පාලමෙන් ගැහැණු ළමයෙකුගේ සිරුරක් එල්ලෙමින් තිබෙන බවත් එය තම දැරියගේ බවට හඳුනා ගත් බවත් ය.

ඉන්දියාවේ තරුණියන්ට මෙවැනි විවිධ හේතු මත සිය නිවෙස් තුළදී ම දරුණු හිංසාවන්ට ලක්වීමට සිදුව ඇතැයි මාධ්‍ය වාර්තාවල දැක්වේ.

More from GossipMore posts in Gossip »