Press "Enter" to skip to content

ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාවේ බලය බිඳිලාද?

ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබා දුන් පුද්ගලයන් ලක්ෂ පහමාරකට ආසන්න පිරිසකට පළමු මාත්‍රාවෙන් මාස තුනකට අධික කාලයක් ගතවනතුරු දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට නොහැකි වීම නිසා එම එන්නතෙන් ලැබෙන ප්‍රතිශක්තිකරණය පිළිබඳ පවතින බලය ඉවත්වී තිබේද යන්න ගැන සැක මතුව ඇති බව වාර්තාවේ.

මාස හයක කාලයක් මෙම පළමු මාත්‍රාවේ ප්‍රතිශක්තිකරණය රඳාපවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කර ඇතත්, වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ පළමු මාත්‍රාව ලබා දී දින 75 කින් ප්‍රතිශක්තිය හීන වී යන බවය.

කෙසේ වුවද ජපානය ලබා දෙන ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා ලක්ෂ 14 ක ප්‍රමාණය ලැබුණු වාහාම ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව ලබානොදුන් පිරිසට දෙවැනි මාත්‍රාව ලබා දීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.