දැනට රටවල් 124ක් පුරා ව්‍යාප්ත වී පවතින ‘ඩෙල්ටා’ කොවිඩ් වයිරස ප්‍රභේදය ඉදිරි මාස කිහිපය තුළදී සමස්ත ලොව පුරාම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
පවතින තත්ත්වය යටතේ ඉදිරි සති තුන තුළ ගෝලීය කොවිඩ් වයිරස ආසාදිතයන් ගණන කෝටි 20 ඉක්මවා යනු ඇතැයිද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.
පසුගිය සතිය තුළ ලොව පුරා වාර්තා වූ කොවිඩ් වයිරස ආසාදිතයන් සංඛ්‍යාව සියයට 12%කින් ඉහළ ගොස් ඇතැයිද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ මෙසේ වාර්තා වන ආසාදිතයන් අතරින් බහුතර පිරිසක් ‘ඩෙල්ටා’ වයිරස ප්‍රභේදය ආසාදිත වූවන් බවයි.
එමෙන්ම ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, බි්‍රතාන්‍ය, බංග්ලාදේශය, චීනය, ඉන්දුනීසියාව සහ දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් රැසකින්ම හඳුනාගෙන ඇති රෝගීන්ගෙන් සියයට 75%ක්ම ‘ඩෙල්ටා’ ආසාදිතයන් බව තහවුරු වී ඇතැයිද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
Published in Health