Press "Enter" to skip to content

දැරියක් ගැබිනියක් කර සැඟව සිටි තරුණයා අත්අඩංගුවට

15 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 21 හැවිරිදි තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හාලිඇල පනාකන්නිය ප්‍රදේශයේ පදිංචි එම දැරියට හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් බදුල්ල ප්‍රදේශයේ රෝහලකට ඇතුළත් කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඇය මාස 5ක ගැබිනියක් බවය.

ඒ අනුව ඇයගේ කුස තුළ නිවුන් දරුවන් පිළිසිඳගෙන ඇති බවද අනාවරණය වී තිබේ.

සිද්ධිය අනාවරණයවීමෙන් පසු සැඟව සිටි 21 හැවිරිදි තරුණයෙකුව හාලිඇල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

More from GossipMore posts in Gossip »