Press "Enter" to skip to content

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර රිය අනතුරකට ලක් වෙයි (PHOTOS)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා රිය අනතුරකට ලක්ව තිබේ.

ඔහු ප්‍රකාශ කළේ, අලුයම් කාලයේ ව්‍යායාම සඳහා බයිසිකලයක් පදිමින් සිටි අවස්ථාවේ කොළඹ ශාන්ත බ්‍රිජට් විද්‍යාලය අසලදී වේගයෙන් පැමිණි යතුරු පැදියක් තමාව අනතුරකට ලක් කළ බවය.

එහිදී අමාත්‍යවරයාගේ නළල, අත් සහ පාදවලට තුවාල සිදුවී ඇති අතර පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ.

අමාත්‍යවරයා සඳහන් කළේ, තමාව අනතුරට ලක් කළ යතුරු පැදිකරුට එරෙහිව නීතිමය පියවර නොගත් බවය.

More from GossipMore posts in Gossip »