Press "Enter" to skip to content

සති අන්තය ලොක්ඩවුන්ද? තීරණය යුද හමුදාපති කියයි

සති අන්තයේ සංචරණ සීමා පැනවීමේ සූදානමක් පවතිනවාද යන්න මේවන විට කතාබහට ලක්ව තිබෙනවා.

ඒ පිලිබඳ අදහස් දක්වමින් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසූවේ සති අන්තයේ දිගු නිවාඩුවක් යෙදී තිබුණත් සංචරණ සීමා පැනවීමට තීරණයක් ගෙන නොමැති බවයි.

කෙසේ වුවද පළාත් අතර සංචාර සීමා දිගටම ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළා.

රටපුරා කොවිඩ් ආසාදිතයන් විසිදාහක් පමණ ප්‍රතිකාර ලබන සහ ආසාදිතයන් දිනකට 1500කට අඩු සංඛ්‍යාවක් වාර්තා වෙමින් තිබෙන තත්වයක් යටතේ ඉතා කල්පනාකාරීව කටයුතු කරන්නැයි යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

More from GossipMore posts in Gossip »