හම්බන්තොට මහරෝහලේ ගැබිණි වාට්ටුවේ නොමේරූ ළදරු ඒකකයේ සිටි දින 46ක බිළිඳියකට වසදමා මව්කිරි පෙවීමට උත්සාහ කල බව කියන මවක අත්අඩංගුවට ගත්බව හම්බන්තොට මූලස්ථාන පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට සිප්පිකුලම ප්‍රදේශයේ පදිංචි විසි එක් හැවිරිදි දෙදරු මවකි. මෙම කාන්තාවගේ දෙවන බිළිඳිය අඩු මාසයෙන් ඉපදීම නිසා නොමේරූ ළදරු ඒකකයට යොමුකර තිබේ.
සැකකාර මව විසින් දිනපතා දරුවාට මව්කිරි දොවා ලබාදෙන අතර සිද්ධිය වූ දිනයේ අදාල මව විසින් දොවා ලබාදුන් මව්කිරිවල සැර ගඳක් වහනය වීම නිසා රෝහල් කාර්ය මණ්ඩලය ඒ පිළිබඳ විමසූවිට පිරිසිදුකාරක දියර මව්කිරිවලට මිශ්‍ර කල බව ඇය පවසා තිබේ.
සිද්ධිය පිළිබඳව රෝහල් පොලිසියට දැන්වීමෙන් පසු ඇයව පොලිස් අත්අඩංගුවට පත්වී ඇති අතර සැකකාරිය එම බිළිඳිය වෙනත් පාර්ශවයකට ලබාදීමට උත්සහ ගෙන තිබුණත් එය ව්‍යර්ථවීමෙන් පසු මෙසේ වසදී ළදැරිය ඝාතනය කිරීමට උත්සහ කර ඇති බවයි පොලිසිය සඳහන් කලේ.






