එළඹෙන දීර්ඝ සති අන්තයේ නිරෝධායන නීතිවලට අනුගතව ජනතාවට කටයුතු කරන ලෙසත් එසේ නොවුණහොත් රට නැවතත් වසා දැමීමේ හැකියාවක් පවතින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, පසුගිය අප්‍රේල් 12, 13, 14 සහ 15 යන දිනවල දී ලබා දුන් උපදෙස් ජනනාව පිළිනොපැදීම හේතුවෙන් සම්පූර්ණයෙන් රට වසා දැමූ බවත් මෙම දීර්ඝ සති අන්තයේ ද නිරන්තරයෙන් නිරෝධායන නීතීන්වලට අනුව කටයුතු කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ය.
එමෙන් ම, සති අන්තයේදී නිරෝධායන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා අමතර පොලිස් නිලධාරීන් යෙදවීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
මේ අතර, ඊයේ දිනයේ නිරෝධායන නිතී උල්ලංඝණය කළ පුද්ගලයින් 189 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳන් කළේ, නිරෝධායන නිතී උල්ලංඝණය කිරීම හේතුවෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 51,581ක් බවය.






