“වීඩියෝ 6ම ඔයාගේ එකට දාන්නම්…
ඊට පස්සෙ කමක් නෑ මට මොනා වුණත්, මම ජීවතුන් අතර නෑනේ..”
“මාව කිට්ටු කරගත්තොත් නවත්තගන්න පුළුවන්…”
කාන්තාවකට මත්ද්‍රව්‍ය ලබාදී ඇය සිහි මඳභාවයට පත්කොට නිරුවත් දර්ශන ලබාගත් පුද්ගලයෙකු ඒවා සමාජ මාධ්‍ය හරහා බෙදා හැරීමේ පුවතක් ගම්පහ කොටදෙණියාව ප්‍රදේශයෙන් වාර්තාවනවා.
අද සී.අයි.ඒ. අනාවරණය ඒ පිළිබදවයි.
ගම්පහ – කොටදෙණියාව ප්‍රදේශයේ කාන්තාවක් පවුල් ප්‍රශ්න හේතුවෙන් තම සැමියාගෙන් වෙන්ව මීට වසර 8කට පමණ ඉහතදී තම දියණිය සමග කොළඹ පදිංචියට පැමිණ තිබෙනවා.
ඇය කුලී නිවසක දිවි ගෙවීම අරඹා ඇත්තේ වෙනත් පුද්ගලයෙකු සමඟයි.
කාලයත් සමග මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වී ඇති එම පුද්ගලයා විවිධ පුද්ගලයින්ගෙන් ණය ලබාගෙන එම ණය පියවීම සදහා මෙම කාන්තාව ඔවුන්ට බිළි දීමටයි කටයුතු කර තිබුනේ.






