Press "Enter" to skip to content

කොවිඩ්-19 වැළඳුණු දරුවන්ට වැළඳෙන MIS රෝගය ගැන විශේෂ හෙළිදරව්වක්

කොරෝනාවෛරසය අසාදනය වී සුවය ලැබූ දරුවන්ගෙන් 5,000කින් එක් අයෙකුට Multisystem Inflammatory Syndrome හෙවත් බහු ඉන්ද්‍රීය පද්ධති ප්‍රදාහය වැළඳීමේ ප්‍රවණතාවක් ඇති බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා පවසයි.

මහාචාර්යවරයා අවධාරණය කළේ, කොරෝනාවෛරසය පැතිර යාම වැඩි වීමත් සමග ම යම් ප්‍රමාණයකට මෙම රෝගය ද පැතිර යාමේ ප්‍රවණතාවක් ද පවතින බව ය.

මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස උදරය ආශ්‍රිතව අසාමාන්‍ය සංකුලතා මතුවීම සහ සම මතුපිට විශාල ප්‍රමාණයේ කුට ඇතිවීම බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

එමෙන් ම, ශ්වසන රෝග සහ පාචනය මේ කාලයේ බහුලව දරුවන් අතර පැතිර යන රෝග බවත් ඒ අතරතුර මෙම රෝගී තත්ත්වය ද පැතිර යාමේ අවදානමක් පවතින බවත් මහාචාර්යවරයා පැවසීය.

යම් හෙයකින් තම දරුවා එවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි නම්, ප්‍රමාද නොකර රෝහලකට ගෙන ගොස් සායනික හඳුනා ගැනීම් සිදු කිරීමට පෙළඹෙන ලෙසත් මේ වෙලාවේ එය ඉතා වැදගත් ක්‍රියාවක් බවත්, විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ අවධාරණය කළේය.

කොවිඩ්-19 රෝගය හේතුවෙන් මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරුවන් 10ක් පමණ මිය ගොස් ඇති බව ද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.