Press "Enter" to skip to content

පේරාදෙණියේ සිව් දරු මවකට මොඩර්නා එන්නත් දෙකම එකට දීලා

පේරාදෙණිය ඔගස්ටාවත්තේ සිව්දරු මවකට උඩපේරාදෙණිය යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ දී කොරෝනා නසන මොඩර්නා එන්නත එකම දින දෙවතාවක් ලබාදීම හේතුවෙන් රෝගී වී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රථිකාර ඵ්කකයට ඇතුළත් කළ බව පේරාදෙණිය රෝහල් ආරංචි මාර්ග කියයි.

ඇගේ ස්වාමියා මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇතැයි පේරාදෙණිය පොලිස්ථානයෙන් අප කළ විමසුමකදී ඵහි ජ්‍යෙෂ්ඨ නිළධාරියෙක් පැවසීය.

ගඟවට කෝරලයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල මඟින් මෙම ඵන්නත් ලබාදීමේ ක්‍රියාවලියේ දී ඵකම හෙදියක විසින් කිසිදු වගවිභාගයකින් තොරව තම බිරියට මෙසේ එකවර ඵන්නත් දෙකක් ලබාදීමෙන් අනතුරුව රෝගීවීමෙන් පසු ඵහි හදිසි වෛද්‍ය ප්‍රථිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබාදී ඉන් පසුව තම බිරිය නිවසට කැඳවාගෙන යන ලෙසට තමාට උපදෙස් දුන් බවද ඵම රෝගී කාන්තාවගේ ස්වාමියා වූ වසන්ත ජයසංහ මහතා අප පවසයි.

ඵදින රාත්‍රියේ එම කාන්තාවගේ රෝගී තත්ත්වය නැවත උත්සන්න වීමෙන් අනතුරුව ප්‍රථිකාර සඳහා වහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට රෝහලෙන් ලැබුණු උපදෙස් මත තමා පේරාදෙණිය පොලීසියටද පැමිණිල්ලක් කළ බවද වසන්ත ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

More from GossipMore posts in Gossip »