Press "Enter" to skip to content

නිවැරදි වාර්තා නැති නිසා කොරෝනා මරණ ඉහළ යා හැකියි – ACMOA

ලෝකයේ දැනට සොයාගෙන ඇති කොවිඩ් ප්‍රභේද සියල්ල ම ලංකාවේ තිබිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් ප්‍රකාශ කළත් වසංගත රෝග විද්‍යායතනය කොවිඩ් සම්බන්ධයෙන් නිවැරදි වාර්තා සපයා නොමැතිකමින් ඉදිරියේදී මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

මේ පවතින්නේ කොවිඩ් රැල්ල ඉහළ-පහළ යෑමක් මිස එහි විද්‍යාත්මක පාලනයක් මත නොවන බව එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් ගැන නිවැරදි තොරතුරු නොලැබෙන අතර ඉදිරියේදී ජනතාවට කුමන තත්ත්වයකට මුහුණදීමට සිදුවේ ද යන්න අවිනිශ්චිත බව ද වෛද්‍ය ජයන්ත බණ්ඩාර පැවසීය.

කෙසේ නමුත් රටක් වශයෙන් මෙවැනි වසංගතයක් පාලනය කිරීමට මූලිකත්වය ලබා දිය යුත්තේ, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් හා නිර්දේශ මත වුවත් ලංකාවේ බොහෝ තීන්දු තීරණ ගත්තේ සහ ගනිමින් සිටින්නේ දේශපාලන බලඅධිකාරියේ ඕනෑ එපාකම් මත වීම ද බරපතළ ගැටලුවක් බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.