Press "Enter" to skip to content

එන්නත් මාත්‍රා දෙකම ගත් වෛද්‍යවරයෙකු කොරෝනාවට බිලි වෙයි

කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබාගත් වෛද්‍යවරයෙකු කොරෝනා ආසාදනය වීමෙන් මිය ගොස් තිබේ.

මෙම වෛද්‍යවරයා යාපනය අච්චුවේලි ප්‍රදේශයේ මුල් පදිංචිකරුවකු වන අතර ලන්ඩනයේ සිට නිවාඩු දමා පැමිණ සිටියදී යාපනය ශික්ෂණ රෝහලේදී මිය ගොස් ඇත.

අසූ හැවිරිදි මෙම වෛද්‍යවරයා කලකට පෙර ලන්ඩනයේ පදිංචියට ගොස් ඇති අතර නිවාඩුවක් දමා මෙරටට පැමිණි අවස්ථාවේ සනීප තත්ත්වයක් හේතුවෙන් යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොරෝනා ආසාදිත යයි හෙලිව ඇත.

ඔහු කොරෝනා මර්දන එන්නන් පළමු සහ දෙවන මාත්‍රා ලබා ගත් අයෙකි.

c news