Press "Enter" to skip to content

දියණියන් දෙදෙනාව ගැබ් ගැන්වූ පිතෘත්වයට නිගා කළ පියෙක්

පියෙකු විසින් සිය 14 හැවිරිදි දියණිය සහ 12 හැවිරිදි දියණියව අපයෝජනය කළ සිද්ධියක් බදුල්ලෙන් වාර්තා වේ.

බදුල්ල ඇල්ල දෙමෝදර ප්‍රදේශයේ නිවසකින් එම සිද්ධිය වාර්තා වී ඇති අතර මේ වනවිට 37 හැවිරිදි සැකකාර පියා නිවසෙන් පළාගොස් ඇති බව ඇල්ල පොලීසිය පවසයි.

14 හැවිරිදි දියණිය උදරයේ වේදනාවක් හේතුවෙන් මව විසින් බදුල්ල රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඇය ගැබ්ගෙන ඇති බවය.

එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පියා සිදුකළ අපරාධය අනාවරණය වී තිබේ.

පසුව ඇයගේ බාල සහෝදරිය වන 12 හැවිරිදි දියණියව ද රෝහලට රැගෙනවිත් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේදී ඇයද ගැබ්ගෙන ඇති බව අනාවරණය වී තිබේ.

More from GossipMore posts in Gossip »