කොළඹින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් පිළිබඳව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා අද (16) හෙළිකළේය.
ඔහු පැවසුවේ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත 11 දෙනෙකු කොළඹ නගර සීමාවෙන් මේ වනවිට හඳුනාගෙන ඇති බවය.
“ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ 11 දෙනෙකු ඊයේ දිනයේදී කොළඹ නගර සීමාව තුළින් තහවුරු වූ බවට අපිට වාර්තා වුණා. 5 දෙනෙක් ඛෙත්තාරාමයේ වැඩබිමකින්. දෙමටගොඩ ප්‍රදේශයෙන් දෙදෙනෙක් සහ කොළඹ ප්‍රදේශයෙන් තවත් දෙදෙනෙකු වශයෙන් මේ අය හොයා ගන්න පුළුවන් වුණා. ඔවුන් සියලුදෙනාම සහ ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් මේ වනවිට නිරෝධායනයට ලක් කරලා තියෙන්නේ. ඒ අනුව ඒ පැතිරයෑම වැළැක්වීම සඳහා අවශ්‍යකරන සියලුම කටයුතු සිදුකරලා තියෙනවා.”
Published in Health
More from HealthMore posts in Health »