Press "Enter" to skip to content

13 හැවිරිදි දැරිය අපයෝජනය කළ තවත් 4ක් සොයා විමර්ශන

නාවලපිටිය, හරංගල, ඉලුක්තැන්න ප්‍රදේශයේ 13 හැවිරිදි පාසල් දැරියක අපයෝජනය කළ තවත් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ෂනයක් ආරම්භ කර ඇති බව නාවලපිටිය පොලිසියේ කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලක්ෂිණී නිමන්ති පෙරේරා මහත්මිය පැවසුවාය.

පාසල් දැරිය අපයෝජනය කළේ යැයි කියන පියා, පෙම්වතා ඇතුළු තවත් සැකකරුවන් සිව් දෙනෙකු නාවලපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙම මස 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

නාවලපිටිය පොලිසියේ කාන්තා කාර්යංශයේ නිලධාරීන් සහ ගම්පොළ පොලිස් කොට්ඨාසයේ ස්ථාන පරික්ෂණ නිලධාරීන් පිරිසක් අපයෝජනයට ලක් වූවේ යැයි කියන 13 හැවිරිදි දැරිය සමග ගොස් දැරිය අපයොජනය කළේ යැයි කියන ඉලුක්තැන්න ප්‍රදේශයේ ස්ථාන පරික්ෂාවක් ද සිදු කරනු ලැබූහ.

හරංගල, ඉලුක්තැන්න ප්‍රදේශයේ එම දැරිය පෙන්වූ ස්ථාන දැරියගේ නිවසට යාබදව පිහිටි ස්ථාන කිහිපයක් බව නාවලපිටිය පොලිසියේ කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනිය කියා සිටියාය.

අත්අඩංගුවට ගැනීමට නියමිත අනෙකුත් සැකකරුවන් සිව් දෙනා නාවලපිටිය හරංගල ප්‍රදේශයේ ම පදිංචිකරුවන් බව පැවසේ.

More from GossipMore posts in Gossip »