Press "Enter" to skip to content

කොරෝනා බියක්: දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගුයි

https://chat.whatsapp.com/EKMa8QBI9OwHH1f0yZUFuV

දුම්රිය ධාවනාගාර සේවකයින් කිහිප දෙනකුට කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් අද (15) පස්වරුවේ ධාවනය කෙරෙන දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුවු බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.

ධාවනය කරන දුම්රිය ද ඇතැම්විට ප්‍රමාද වී ධාවනය විය හැකි බව ඔහු කීවේය.

ආසාදිතයින් වාර්තා වූ ධාවනාගාරයේ සේවය කරන ආශ්‍රිතයින් හඳුනාගෙන ඔවුන් පී.සී.ආර් පරීක්‍ෂණ සඳහා යොමුකිරීමට මේ වන විට පියවර ගෙන ඇතැයි ද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.

ආසාදිතයින් හමුවූ ධාවනාගාරය හැර සෙසු ධාවනාගාරවල සේවකයින් යොදවා දුම්රිය හැකි ප්‍රමාණයක් ධාවනය කිරීමට කටයුතු යෙදූ බවත් හෙට (16) දිනයේදී නියමිත දුම්රිය වාර 112 ම ධාවනය කරවීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු කීවේය.

More from GossipMore posts in Gossip »