Press "Enter" to skip to content

32 හැවිරිදි පෙම්වතා සහ පියා එක්ව 13 හැවිරිදි දැරියට කළ සාහසික අපරාධය

නාවලපිටිය හරංගල ඉලු‍ක්තැන්න ප්‍රදේශයේ 13 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට කරුණු රැසක් අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් පසු කාන්තාවක් හා පිරිමි පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනුණි.

දැරිය ඉකුත් 01 වනදා සිට නිවසින් අතුරුදන් වී සිට ඇති අතර ඒ පිළිබඳව ඇගේ මව විසින් නාවලපිටිය පොලීසියට කරන ලද පැමිණිල්ල අනුව පොලිස් විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව අතුරුදන් වූ බව කියන දැරියව පසුගිය 07 වනදා දැරියගේ ඥාතීන් පිරිසක් නාවලපිටිය වටද්දර පොලීසිය වෙත භාරදී ඇත.

ඉන් අනතුරුව නාවලපිටිය පොලීසිය වෙත ඉදිරිපත් කෙරුණු දැරියව නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර කෙරිණි. අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු ආනාවරණය වී ඇත්තේ ඉන් පසුවය.

දැරිය විසින් එහිදී ප්‍රකාශකර ඇත්තේ, පියා විසින් තමන්ව අපයෝජනය කළ බවත් පසුව පෙම්වතා ගල් ගුහාවකට රැගෙන ගොස් දින කිහිපයක් රඳවාගෙන අපයෝජනය කළ බවත්ය.

More from GossipMore posts in Gossip »