ඉදිරි සති 3 හෝ 4 ඇතුළත කොරෝනා රෝගයේ නව ප්‍රවණතාවන් මෙරටින් හමුවීමට ඉඩකඩ ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි. මේ අවස්ථාවේදී රෝග පාලනය අත්හැර දමා ඇති නිසා එහි ප්‍රතිඵල තවත් සති තුන හතරකින් දැකගැනීමට හැකිවනු ඇතැයිද හෙතෙම පවසයි.
පී.සී.ආර්. වාර්තා ප්‍රමාණය හෝ දිනපතා වාර්තා වන රෝගීන් ප්‍රමාණය මත මෙරට සිටින කොරෝනා ආසාදිතයන්ගේ ප්‍රමාණයෙහි අඩුවක් ඇතැයි යන්න කිසිසේත්ම නිගමයකට එළැඹිය යුතු නැති බවත් එම සංඛ්‍යා ලේඛන වැරදීමට වුවද ඉඩකඩක් ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි. මේ උදාවී ඇත්තේ රටේ ජනතාවගේ ආරක්ෂාව ඔවුන්ටම පැවරුණු කාලයක් නිසා සංඛ්‍යා ලේඛන මත පදනම්ව ආරක්ෂාවේ බැමි කිසිසේත්ම ලිහිල් නොකළ යුතු බවද රවී කුමුදේශ් අවධාරණය කරයි.
වළෙන් ගොඩ ඒමට දඟලන පිරිස නැවතත් වළටම ඇද දමන්නාක් සේ අමාරුවෙන් රෝගයේ ව්‍යාප්තිය පාලනය කළ පසු ව්‍යාපාරික වුවමනාවන්ට මුල් තැන දෙමින් කටයුතු කිරීම තුළ රෝග පාලනය ගිලිහෙන බවත් එක රැල්ලක අවසානය අත්හැරීම තුළ ස්වාභාවික සංසිද්ධියක් සේ නව රැල්ලක් ඇති වන බවද රවී කුමුදේශ් පවසයි.
මේ වනවිට පී.සී.ආර්. පරීක්ෂණවල අවධානය වෙනතකට යොමුව ඇති නිසා රටට අවසාන වශයෙන් නිකුත්වන දත්ත නැවත අවිධිමත් භාවයකට පත් වී ඇතැයිද සභාපතිවරයා පවසයි. දිගින් දිගටම අවිධිමත් අයුරින් දත්ත නිකුත් කිරීම තුළ මාර්තු අප්‍රේල් මාසවල මෙන් තත්ත්වයක් රට තුළ නිර්මාණය වීම කිසිසේත්ම වැළැක්විය නොහැකි වනු ඇතැයිද හෙතෙම පෙන්වා දෙයි.
Published in Health