වයස අවුරුදු 35ක මවක් ඊයේ (12) සවස් කාලයේදී නිවසේදී බිළිඳියක බිහි කිරීමෙන් අනතුරුව බිළිඳියව ඝාතනය කර පුළුස්සා දැමීමේ සිද්ධියක් කන්තලේ ප්‍රදේශයෙන් වාර්තා වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, බිළිඳිය බිහිකර පැය කිහිපයකින් මව විසින් එම අපරාධය සිදුකර ඇති බවට වාර්තා වන බවය.
අදාළ කාන්තාවගේ ස්වාමිපුරුෂයා දැනට වසර 4ක පමණ සිට මැදපෙරදිග රටක රැකියාවක නිරතවෙන බවද පොලීසිය පවසයි.
කන්තලේ පොලීසිය විසින් අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය තිදරු මවකි.
පිළිස්සී ගිය බිළිඳු මලසිරුර සොයාගෙන ඇති බවද පොලීසිය පවසයි.






