කසිප්පු ජාවාරම නිසා බිරිඳ අහිමි කරගත් පුද්ගලයෙක් ගැන එක්තරා ගම්මානයකන් වාර්තා වේ.
මේ කතාවට අදාල පුද්ගලයා ජීවත්වුණේ කසිප්පු ව්‍යාපාරයෙන් වන අතර ඔහු දැඩි ලෙස සුරාවට ඇබ්බැහි වී සිටි අයෙක්. ඔහුගේ බිරිඳ ඉතා රූමත් කාන්තාවක් වූ අතර ඈ සිය සැමියාගේ ව්‍යාපාරය පිළිබඳව හා ඔහු සුරා සොඬෙකුවීම පිළිබඳව සිටියේ දැඩි කළකිරීමෙනි.
මෙම පුද්ගලයා සිය බිරිඳගේ රූමත්භාවය පිළිබඳ මහත්වූ ආඩම්බරයකින් පසුවිය.
සැමියා සිය බිරිඳහට නිවසින් පිටවීම පවා තහනම් කර තිබුණි. ඇයට ඇගේ මව්පියන් බැලීම පවා තහනම් වී තිබුණේ ඇය වෙනකෙකු සමඟ අනියම් සබඳතාවයක් ඇති කර ගනී යැයි සැමියාගේ සිතෙහි නිතරම පැවති සැකය නිසාවෙනි.
මෙම පුද්ගලයා ගමේ සැමට යහමින් කසිප්පු පෙරා අඩු මුදලට විකුණමින් ව්‍යාපාරය හොඳින් කරාගන ගිය අතර ගමේ කොයි කවුරුත් ඔහුගෙන් කසිප්පු මිලට ගැනීමට පැමිණියේ අඩු මුදලට ගැනීමටත් නගරයට නොයා පහසුවෙන් ලබා ගැනීමත් සිදු කල හැකි නිසාය.
මේ පැමිණෙන්නවුන් අතර සිටි කසාදයෙන් වෙන්වූ තම සැමියාගේම මිතුරෙකු වූ මදක් මැදි වියෙහි පසුවූ පුද්ගලයෙක් සමඟ හාද කමක් ඇති කරගත් බිරිඳ සැමියාට හොරෙන් එම පුද්ගලයාව නිවසට පවා ගෙන්වා ගැනීම සිදු කලාය.
මේ අතර එක් දිනක් නොසිතූවිරූ ලෙස කසිප්පු ස්ථානය පොලිසියෙන් වටලාතිබේ.
ඔහුව නිදහස් කරගැනීමට උසාවියට පැමිණ දඩය ගෙවන ලෙස පවසා පොලිසිය රැගෙන යාමට පෙර බැංකු කාඩ්පත බිරිඳට ලබාදී පැමිණ තිබුණි.
ඔහු පොලිස් කූඩුවේ සිටියේද සිය බිරිඳ ගැන සිතමින් මහත් කනස්සල්ලෙනි. කෙසේ හෝ තම සැමියාගෙන් ගැලවීමේ අවස්ථාව මෙය බව සිතූ බිරිඳ සැමියාගේ දුරකථනයෙන්ම අනියම් සැමියා අමතා පැමිණ තමාව රැගෙන යන ලෙස පැවසුවාය.
ඒ අනුව පැමිණි ඔහු සිය මිතුරාගේ බිරිඳද රැගෙන හඳපානේම ගොස් තිබුණි. පසුදා උසාවියේ ඇප ලබා ගැනීමට සිටි පුද්ගලයාට සිදුවූයේ රක්ෂිත බන්ධනාගාර ගතවීමටයි.
අවසානයේ ඔහුට තම බිරිඳද අහිමිවිය.






