කොළඹ නගරයෙන් අහඹු ලෙස ලබා ගත් ජෛව පටල සාම්පල් 25කින් ජාන විකෘතිතා සහිත කොරෝනා ප්‍රභේද පවතින බවට සැක කරන සාම්පල 14 ක් හඳුනාගෙන තිබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
මෙම සැක කටයුතු සාම්පල සම්බන්ධයෙන් පරීක්ෂණ කණ්ඩායම් පුළුල් පරීක්ෂණ අරඹා ඇති බවත් එම පරීක්ෂණවල අවසන් වාර්තාව ඉදිරි සතියේදී ලබා දෙනු ලබන බවත් හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.
මෙම තොරතුරු ලැබීමෙන් පසු එම ජෛව පටල සාම්පල අයත් පුද්ගලයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් ආරක්ෂිත ක්‍රියාමාර්ග ගෙන ඇති බව වාර්තා වේ.
Published in Health
More from HealthMore posts in Health »