යුරෝපයේ සහ ආසියාවේ පැතිර යන කොවිඩ් වෛරස ප්‍රභේද දෙකක් එක්වර ආසාදනය වූ කාන්තාවක් බෙල්ජියමෙන් හමුවී තිබෙනවා.
බ්‍රිතාන්‍යයෙන් ප්‍රථම වරට හඳුනා ගත් ඇල්ෆා ප්‍රභේදය සහ දකුණු අප්‍රිකාවෙන් ප්‍රථම වරට හඳුනා ගත් බීටා ප්‍රභේද දෙකම එම කාන්තාවට ආසාදනය වී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
වයස අවුරුදු 90ක් වූ මෙම කාන්තාව ප්‍රතිශක්තිකරණය අවමවීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අදාළ කාන්තාව කිසිදු එන්නත්කරණයට ලක් වී නොමැති ඇය නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය නොකළ තැනැත්තියක බවත් එරට සෞඛ්‍ය අංශ නිවේදනය කළා.
මෙලෙස පුද්ගලයෙකු තුළ වෛරස ද්විත්වයම එකවර ආසාදනයවීමේ හැකියාව පිළිබඳව බෙල්ජියම් සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.
Published in Health
More from HealthMore posts in Health »