Press "Enter" to skip to content

අනේ! තාත්තේ එපා……

මේක මීට ටික කාලෙකට උඩදී ගාල්ල උඩුගම පැත්තෙන් වාර්තා වෙච්ච බොහොම අසුන්දර කතාවක්.

නිමන්තිකා කියන්නෙ දුප්පත්කම උරුමකරගෙනම ආව දැරියක්. සොහොයුරියන් දෙදෙනකුගේ සහ එක් සොහොයුරකුගේ පවුලේ වැඩිමලා වුණේ නිමන්තිකා.

නිමන්තිකාගේ තාත්තා විජේදාස රැකියාව විදිහට කළේ කුරුඳු තලන එක. කුරුඳු තලන රස්සාවෙන් ලැබුණු වැටුප මේ පවුල පෝෂණය කරන්න කොහොමවත් ප‍්‍රමාණවත් වුණේ නැහැ. අනික ඔහු ගන්න පඩියෙන් වැඩි ප‍්‍රමාණයක් වියදම් කළේ මත්පැන් පානය කරන්න.

මේ ආර්ථික ප‍්‍රශ්න නිසා නිමන්තිකයි නංගිලා මල්ලිලයි දවසේ වැඩිහරියක් හිටියෙ කුසගින්නෙන්.

මට උඹලා බඩගින්නෙ අ`ඩනවා බලන් ඉන්න බැහැ. මං හෙට ඉඳලා දලූ කඩන්න යනවා. මේ මිනිහා ගන්න පඩියෙන් භාගයක් වියදම් කරන්නෙ කසිප්පු ගහන්න.

නිමන්තිකාගෙ අම්මා ශ‍්‍රියාලතා දලූ කඩන රස්සාවට යන්න තීරණය කළේ දරුවන්ගෙ කුසගිනි නිවන්න හිතාගෙනයි. ඒ වෙනකොට නිමන්තිකා හිටියේ පහේ පන්තියෙ. ශිෂ්‍යත්ව විභාගෙ ඉහලින් සමත් වෙලා හොඳ ඉස්කෝලෙකට යන්න නිමන්තිකා හීන මවාගෙන හිටියා. ඒත් ඒ හැම හීනයක්ම පවුලේ අඟහි`ගකම් එක්ක බොඳවෙලා ගියා.

කෙල්ලෙ උඹ ඔය ඉගෙන ගත්තා ඇති. නංගිලා දෙන්නයි මල්ලියි බලාගෙන ගෙදර හිටපන් මං දලූ කඩන්න ගියාම ගෙදර කවුරුත් නැහැ. මං එනකල් මොනව හරි ටිකක් රත් කරලා උන්ට කන්න දීපං….

පාසල් ගමනට ආයුබෝවන් කිව්ව දවසේ පුංචි නිමන්තිකාට දරාගන්න බැරි වේදනාවක් ඇතිවුණා. අනෙක් ළමයි ඉස්කෝලෙ යන දිහා බලලා නිමන්තිකාට හීල්ලූනා.

එදා ඉ`දලා ගෙදර වැඩපළවලින් වැඩි කොටසක් කෙරුණේ පුංචි නිමන්තිකා අතින්. කුරුඳු තලන රස්සාවට ගියාට විජේදාස ගෙදර එන්නෙ සති දෙක තුනකට පස්සෙ.

විජේදාස ගෙදරින් පිටවෙලා ඉන්න තරමට දරුවො කැමැතියි. එහෙම නැත්නම් කටගොන්නක් බීගෙන එන විජේදාස දරුවන්ටයි ශ‍්‍රියාලතාටයි දස වධ දෙනවා.

කාලය කෙමින් ගෙවිලා ගියා. මේ පවුලට ඒ තරම් යහපතක් ළ`ගාවුණේ නැහැ. දහසකුත් එකක් ප‍්‍රශ්න මැද්දෙම පුංචි නිමන්තිකා ලොකු ළමයෙකුත් වුණා. දැන් ගෙදර දොරේ හැම වැඩ කටයුත්තක්ම කළේ නිමන්තිකා. බාල නංගිලා දෙන්නයි මල්ලියි උදේට පාසල් ඇරියෙත් නිමන්තිකයි. ශ‍්‍රියාලතා තේ දලූ කඩන රස්සාවට ගියාට පස්සෙ නිමන්තිකා කාලය ගතකළේ තනිවමයි.

එක දවසක් මද්දහනෙ විජේදාස ගෙදරට ගොඩවුණා. සති දෙකකට විතර පස්සෙ තමයි විජේදාස එදා ගෙදර ආවේ. විජේදාස ගෙට ගොඩවුණේ රටක් රාජ්‍යයක් හම්බ වුණා වගේ මත්පැන් බෝතලේකුත් කිහිල්ලෙ ගහගෙන.

අඩුම තරමේ දරුවන්ට කන්න ලොසින්ජරයක්වත් මේ පාපතරයා ගෙනත් තිබුණේ නැහැ. සති දෙකකට පස්සෙ තාත්තව දැක්ක නිසා නිමන්තිකාගෙ හිතට පුංචි සතුටක් දැනුනා.

ඒ වෙනකොට නංගිලයි මල්ලිලයි ඉස්කෝලෙ ගිහින්. අම්මා දලූ කඩලා ගෙදර එන්නෙ ?බෝ වුණාට පස්සෙයි.

තාත්තෙ බත් බෙදලා තියෙන්නෙ. කන්න. මං යනවා ටිකක් ඇල වෙන්න.

නිමන්තිකා තාත්තට බත් පි`ගානක් බෙදලා තියලා පැදුරේ ඇලවුණේ උදේ ඉඳන් එක සීරුවට වැඩ කරලා ඇති වෙච්ච මහන්සිය මකාගන්න හිතාගෙන.

බත් කන එක පැත්තක තියලා විජේදාස බොන්න පටන් ගත්තා. මත් පැන් බෝතලේ අඩක් හිස්වෙනකොට විජේදාසට හොඳටම වෙරි. කට ගැස්මට මොනව හරි හොයාගන්න විජේදාස ගෙට ඇතුළු වුණා.

ඒ වෙනකොට නිමන්තිකා ගෙයි ඇතුලෙ තිබුණ පුංචි කාමරේ පැදුරේ වැතිරිලා හිටියෙ. නිමන්තිකා වැතිරිලා ඉන්නව දැක්කම විජේදාස කියන පාපතරයාගෙ පහත් පාපතර ආශාවන් ඉස්මතු වෙන්න ගත්තා.

අවසිහියෙන් සිටිය ඒ නරුමයා දෙවරක් නොහිතාම කි‍්‍රයාත්මක වුණා.

අනේ තාත්තෙ මට කරදර කරන්න එපා….

අහිංසක නිමන්තිකා හඬා වැටුණා. ඒත් තමන්ගෙම ලෙයින් ජාතක කරපු දරුවාගෙ ජීවිතේ තුට්ටුවකට මායිම් නොකළ ඒ නරුමයා ඇය විනාශ කළා.

උඹ මේක කාටහරි කියලා තිබුණොත් මරලා දානවා. දන්නවනෙ මගේ හැටි.

විජේදාස කියන කාලකණ්ණියා තමුන්ගෙ වැඩිමල් දියණියට තර්ජනය කළා.

මේ අසුන්දර කථාව මේ විදහටම මාස ගාණක් සිද්ධ වුණා. විජේදාසට තිබුණු බය නිසා නිමන්තිකා නිහඬව ඒ හැම අමිහිරි සිදුවීමක්ම ඉවසගෙන හිටියා.

ටික දවසක ඉඳලා නිමන්තිකාගෙ ඇ`ගට අමුත්තක් දැනෙන්න ගත්තා. ඒ වෙනස ශ‍්‍රියාලතාත් දැක්කා.

කෙල්ලේ මොකද බං උඹ නිකන් හෝන්දු මාන්දු වෙලා. උඹට අසනීපයක්ද යමං බෙහෙත් ටිකක් ගන්න.

ශ‍්‍රියාලතා නිමන්තිකා එක්කරගෙන ගමේ ඉස්පිරිතාලෙට ගියා. වෛiවරු ඇයව පරීක්‍ෂා කළා. පරීක්‍ෂණ කීපයක්ම පැවැත්වූවා.

නිමන්තිකා අම්මා කෙනෙක් වෙන්න යනවා දැන් මාස දෙකක් වෙනවා.

වෛiවරයා එහෙම කිව්වම ශ‍්‍රියාලතා සිහිසුන්ව බිම ඇදවැටුණා.

කියපං උඹට කවුද මේ අපරාධය කළේ. මං උඹව ඇහැක් වගේ බලාගත්තෙ. උඹ මොකා එක්කද නැටුවේ කියපං.

ශ‍්‍රියාලතා නිමන්තිකාගෙ උරහිස් දෙකෙන් අල්ලගෙන කෑගහන්න ගත්තා. අන්ත අසරණ වෙලා හිටිය අහිංසක කෙල්ල වැලහින්නක් වගේ අ`ඩන්න ගත්තා.

අනේ අම්මේ මට කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුණෙ නැහැ. මේවා කියන්න කෙනෙක් හිටියෙත් නැහැ. අපේ තාත්තා තමයි මාව විනාශ කළේ. නිමන්තිකා හැඬූ කඳුළෙන් සිද්ධ වෙච්ච හැම දෙයක්ම කිව්වා. අන්තිමේදී ශ‍්‍රියාලතා නිමත්තිකාවත් එක්කරගෙන පොලිසියට ගියා.

ශ‍්‍රියාලතාගෙ පැමිණිල්ලට අනුව ඒ පාපතර පියාව අත්අඩංගුවට ගත්තා. විජේදාසට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක වුණත් අහිංසක නිමන්තිකාට සාධාරණයක් ඉෂ්ඨ වුණේ නැහැ. තමන්ගෙම තාත්තා නිසා නිමන්තිකාගේ ජීවිතේම කාලකණ්ණි වුණා.

More from GossipMore posts in Gossip »