Press "Enter" to skip to content

15 හැවිරිදි දැරිය අපයෝජන කිරීමේ සිදුවීමට ගායකයෙකුත් අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ පළවූ දැන්වීමකින් ගෙන්වාගත් බාල වයස්කාර දැරියකට ලිංගික අපයෝජනය කළැයි කියන සිද්ධියට අදාළව ලමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ගායන ශිල්පියකු ලබන 17 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද 10 කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග අද කර තිබේ .

මෙම සිද්ධියට අදාළ 27 වැනි සැකකරු ලෙස ළමා හා කාන්තා කාර්යාංශය අත්අඩංගුවට ගත් මොහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අන්තර්ජාලය ඔස්සේ පළ වූ දැන්වීමක් මගින් අදාල බාලවයස්කාර දැරිය හා සම්බන්ධ වී ඇති මෙම සැකකරුට බම්බලපිටිය ප්‍රදේශයේ හෝටල් කාමරයක් වෙන්කර වෙන්කර දී තිබුණේ මේ වන විට රක්ෂිත භාරයේ සිටින එම හෝටලයේ කළමනාකරු බව ද ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

මෙම සැකකරු බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී පසුගිය සිකුරාදා දිනයේදී අත්අඩංගුවට ගත් බවයි එම කාර්යාංශය සඳහන් කළේ.

More from GossipMore posts in Gossip »