පිළියන්දල, තුන්බෝවිල උතුර ග්‍රාමනිලධාරී වසමට අයත් කරදියානවත්ත ගම්මානයට සංචරණ සීමා පැනවීමට පියවර ගෙන තිබේ.
එම ගම්මානයේ පුද්ගලයින් 418 දෙනෙකු අහඹු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමේ දී ඉන් 71දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනීම හේතුවෙන් එම පියවර ගත් බව සෞඛ්‍ය අංශ පැවසුවේය.
මේ අතර ගතවූ දිනයේ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ගම්පහ දිස්දික්කයෙන් වාර්තා වී තිබේ.
එම දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 336 දෙනෙකු ඊයේ (10) හඳුනාගෙන ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 242 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් 180 දෙනෙකු සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් 118 දෙනෙකු ඊයේ හඳුනාගෙන ඇති බව ඇති කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.
Published in Health
More from HealthMore posts in Health »