කොළඔ දිස්ත්‍රික්කයේ පදිංචි වයස අවුරුදු 14 ක දැරියක ස්ත්‍රී දූෂණයට ලක් කිරීමක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට ලැබුණූ පැමිණිල්ලකට අනුව සැකකාර පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසන්නේ, ඊයේ දින අත්අඩංගුවට ගත් සැකකරු කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බවය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, වින්දිත දැරියගේ වයස අවුරුදු 37 ක් වූ මස්සිනා (අක්කාගේ ස්වාමි පුරුෂයා) වන අතර කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් සැකකරු බාල වයස්කාර දැරියව ස්ත්‍රී දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් සහ 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ (සංශෝධන) පනතේ 364 වන වගන්තිය (ව්‍යභිචාරය) යන අපරාධය යටතේ 2021.07.23 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ළමයින් පවුල් තුළදී තම ඥාතීන්ගෙන් අපයෝජනයට ලක්වීම් වාර්තා වන බැවින්, තම දරුවන් පිළිබඳව විශේෂ අවධානයෙන් පසුවන ලෙසත්, බාල වයස්කාර දියණියන් ආරක්ෂා කර ගැනීම පවුලේ සියලු දෙනාගේ මූලික වගකීමක් ලෙස සලකා කටයුතු කළ යුතු බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා දන්වා සිටී.






