පානදුර සෞඛ්‍යය නිලධාරී බල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් රැසක් නිවෙස් වල සිටින බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.
එම බොහෝ නිවෙස්වල කොරෝනා ආසාදිතයන් සිටින බවට දැන්වීමක් හෝ අලවා නොමැති බවත් එම තත්ත්වය ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාවට විශාල තර්ජනයක් බවත් ප්‍රදේශවාසීහු පවසති.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් වී දින කිහිපයක් ගත වී තිබුණ ද පානදුර සෞඛ්‍යය බලධාරී ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් සිටින නිවෙස්වලට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණ නොමැති බවත් එම නිවෙස්වල සිටින ආසාදිතයන් නොවන පුද්ගලයන් ප්‍රදේශය සැරිසරමින් සිටින බවත් ප්‍රදේශවාසීහු පවසති.
Published in Health
More from HealthMore posts in Health »