Press "Enter" to skip to content

අවුරුදු පහළොවේ දැරිය අපයෝජනය කල අය අතර පොලිස් ‌නිලධාරීන් රැසකුත්

මේ වනවිට මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති අවුරුද 15ක දැරිය අපයෝජනය කිරීමේ සිද්ධියට පොලිස් නිලධාරීන් කිහිප දෙනකුද සම්බන්ධ වී ඇති බවට මෙතෙක් සිදු කර ඇති පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

ඒ අනුව අදාළ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට වහාම විමර්ශන කටයුතු ආරම්භ කොට ඇති බව දැනගන්නට ඇත.

මේ වනවිට දැරිය අපයෝජනයට අදාළව චීවරධාරියකු, දේශපාලනඥයකු, විශේෂඥ වෛද්‍යවරයකු ඇතුලු පුද්ගලයන් රැසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන තිබේ.