Press "Enter" to skip to content

දිසාපති කෙනෙක් වෙන්න උදව් කරන්නම් කියා අවුරුදු 17ක දැරියක් ලිංගික අපයෝජනයට ලක්කල විදුහල්පති

අවුරුදු 17ක දැරියක් ලිංගික අපයෝජනයට ලක්කිරීමේ චෝදනාව මත දැරණියගල ප්‍රදේශයේ විදුහලක විදුහල්පතිවරයෙක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

ඒ අදාළ දැරිය සහ ඇයගේ මව දැරණියගල පොලීසියට කළ පැමිණිල්ලකට අනුවය.

අපයෝජනයට ලක්වු දැරියගේ මව පවසා සිටියේ, දැරිය මේ පිළිබඳ පැවසීමෙන් අනතුරුව පොලීසියට පැමිණිලි කළ බවය.

අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා 50 හැවිරිදි විවාහක අයෙක් වන අතර ඔහු ප්‍රදේශයේ සමථ මණ්ඩලයේද සාමාජිකයෙකි.

සැකකරු අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහැර ඇති අතර පැමිණිල්ල යළි මේ මස 29 වනදා කැඳවීමට නියමිතය.

මේ අතර අපයෝජනයට ලක්වු දැරිය මෙසේ අදහස් පළ කළේය.

“සර් කිව්වා මගේ වෙලාව හොඳයි කියලා ජ්‍යෙතිෂ්‍ය කරමු කියලා. දිසාපති කෙනෙක් වෙන්න උදව් කරන්නම් කිව්වා. ඉතින් මං කැමති වුණා. මං කැමතියි දිසාපති කෙනෙක් වෙන්න. ඊට පස්සේ සර් කිව්වා උදව් කරන්නම් කියලා. ඊට පස්සේ තමයි සර් ඔය අත්වලින් එහෙම අල්ලන්න ආවේ. ෆෝන්එක අරන්දෙන්න කලින් කිව්වා ඔයාගේ ආසාව නම් ඉෂ්ට වෙයි, එතකොට සර්ගේ ආසාව ඉෂ්ට වෙන්නේ නැද්ද කිව්වා. මං ඇහුවා සර් මොකද්ද ඒ කියලා. ඊට පස්සේ සර් කිව්වා අතින් අල්ලන්න එහෙම දෙනව ද කිව්වා. පපුවෙන් එහෙම එල්ලන්න දෙනව ද ඇහුවා. මම මුකුත් කිව්වේ නෑ ඒකට. ඊට පස්සේ තමයි සර් අපේ දිහා ආවේ. සර් ගෙදරට ඇවිල්ලා උගන්වනවා. අම්මා ඉන්නකොට ජ්‍යෙතිෂ්‍ය පාඩම් කරනවා අම්මා නැති වෙලාවට කියනවා පපුව අල්ලන්න දෙනවා ද කියලා.මම ඉතින් අම්මට හැමදේම කිව්වා.“

More from GossipMore posts in Gossip »