Press "Enter" to skip to content

අලුත් පෙළවහකට ගියාම පරණ බිරියම මනමාලිය වෙලා

බලන්න ගිය මනාලිය කලින් බිරිය බව දැනගෙන පුදුමයට පත්වූ ව්‍යාපාරිකයකු පිළිබඳව එක්තරා ගමකින් අසන්නට ලැබුණි.

සිද්ධිය මෙසේය.

ඔවුන් එකිනෙකාට ආදරය කර මාපියන්ගේ විරෝධය මැද විවාහ වී තිබේ. එහෙත් එම විවාහය වැඩි කාලයක් නොපැවැතුණේ ඇය ගත කළ සුඛෝපභෝගී ජීවිතය ඔහුට ලබාදීමට නොහැකි වූ නිසාය. ඔහු ඉතා රූමත් තරුණයෙක් වුව ද දිළිඳුකම ඔහු උපන් දා සිට පැවැතුණකි.

හරි හැටි නිවෙසක් හෝ රැකියාවක් නොමැති ඔහු එදිනෙදා කුලී වැඩක් කරමින් කුලී නිවෙසක ජීවත් විය. ඇය මවුපියන්ට අකීකරුව ඔහු සමග ආ හෙයින් ඇයට ඇයගේ නිවෙසින් ද කිසිවක් නොලැබුණි. ඇය පෙර ජීවිතයේ ලැබුණු සුඛෝපභෝගී ජීවිතය සම්පූර්ණයෙන්ම ඇයට අහිමි වෙද්දී ඇයට ඔහු වහ කදුරු විය.

කෙසේ හෝ තම විවාහ ජීවිතය රැක ගැනීමට ඔහු කොතරම් උත්සාහයක යෙදුණ ද එය අසාර්ථක වෙද්දී ඔවුන් නීතියේ පිහිට පතා වෙන්වීමට තීරණය කර අවසන දෙපැත්තට වෙන් විය.

කෙසේ වෙතත් කාලයත් සමග තරුණයා සිය මිතුරන් සමග මැණික් පතල් රැකියාවට ගොස් ක්‍රම ක්‍රමයෙන් දියුණු වී පසුව ඔහු මැණික් ව්‍යාපාරිකයකු බවට පත්වූයේ තමන්ගේ දිරියවන්ත බව නිසාය. තනිකඩව ජීවත් වූ ඔහුට මඟුල් කපුවන් කොතරම් යෝජනා ගෙන ආවත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කළේ පෙර බිරියට ඇති ආදරය නිසාය.

මවුපියන්ගේ බල කිරීම නිසාම ඔහු එක් මනාලියක බැලීමට අමාරුවෙන් හිත හදාගෙන ගියේය. කපුවා කී ලෙස ඇය කලින් විවාහ වූ දරුවන් නොමැති වැන්දඹු කාන්තාවකි. ඔහුට තරම් වත් පොහොසත්කම් නොමැති බවත්, ඉතා අමාරුවෙන් කුලී නිවෙසක ජීවත්වන බවත් කපුවා පැවැසූ විට ඔහුගේ මවුපියන් පවසා ඇත්තේ “අනේ ඉතින් අපි කියලා කලින් කෝටිපතියන් නෙවෙයිනේ, අද අපේ ළඟ තියෙන සල්ලි හෙට වෙන කෙනෙක් ළඟ”‍ යනුවෙනි.

නියමිත මනාලිය බැලීමට සියල්ලෝම මනාලියගේ නිවෙසට ගිය අතර, මනාලිය හා මවුපියන් දැක ඔවුහු විශ්මයට පත්වූහ. මේ තමන් කලින් විවාහ වී සිටි බිරිය බව දැනගත් ඔහු “දැන් නම් මට ඔයා හොඳින් බලාගන්න පුළුවන්. ඔයා කැමැති නම් එන්න, හැබැයි මමත් කවදා හරි ඔයාලා දැන් ඉන්න තත්ත්වයකට පත්වෙන්න පුළුවන්” යැයි පවසා තිබේ. ලජ්ජාවෙන් බිම බලාගත් ඇය ඔහුගේ කීමට එකඟ වී ඇති අතර, ඔවුන්ගේ විවාහය සිදුව ඇත්තේ රෙජිස්ට්‍රාර් කෙනකු කෝවිලකට ගෙන්වා දෙවියන් ඉදිරිපිටය.

More from GossipMore posts in Gossip »