ශ්රී ලංකා හිටපු ටෙස්ට් ක්රිකට් නායක මහේල ජයවර්ධන උපදේශකවරයකු ලෙසින් ශ්රී ලංකා වයස අවුරුදු 19 පහළ කණ්ඩායම සමග එක්වනු ඇති බව වාර්තා වේ.
2022 වසරේ ජනවාරි මස බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහල ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය ඉලක්කකර ගෙන පැවැත්වීමට නියමිත පුහුණුවීම් සඳහා ඔහු මෙලෙස ඔක්තෝබර් මාසයේදී කණ්ඩායමට එක්වන බවට වැඩි දුරටත් වාර්තා වේ.
අදාළ ලෝක කුසලානයට පෙර ශ්රී ලංකා යොවුන් කණ්ඩායම මෙම වසර අගදී ඩුබායි හිදී පැවැත්වෙන යොවුන් ආසියානු කුසලාන තරගාවලියටත් සහභාගීවනු ඇත.
නමුත් මේ දක්වා මෙම නව තනතුර සම්බන්ධයෙන් කිසිදු නිල වාර්තාවක් නිකුත් වී නොමැත.